Saturday, September 5, 2015

හොරාගෙ නුවණ


දිනක් මන්නාරම් වෙරලේ හොර බඩු ජාවාරම් නැවැත්විමේ අරමුණින් වෙරළාරක්ෂක කටයුතු වල යොදවා සිටි නිළධාරියෙකුට කුඩා බෝට්ටුවක් නෙත ගැටුණි. ඒය වෙරළට ලගා වු සැනින් ඒ වෙත ගිය නිළධාරියා බෝට්ටුව පදවාගෙන අා තැනැත්තාගෙන් බෝට්ටුවේ මොනවාදැයි විමසිය..
"වැලි" හේ පිළිතුරැ දිනි.
බෝට්ටුවේ වු ගොනි පරික්ෂා කළ නිළධාරියාට ඒ සියල්ලේම වැලි මිස වෙන කිසිවක් නැති බව පෙනි ගියේය. ඒහෙයින් හේ බෝට්ටුකරැට යන්ට ඉඩ හළේය.
නැවත දින කිහිපයකින් ඒම නිළධාරියාට ඒම බෝට්ටුකරැවාම නැවත මුහුදේ සිට ඒනු අැස ගැටුණි.
"මොනවාද බෝට්ටුවේ?" නිළධාරියා යලි විමසිය.
"වැලි" බෝට්ටුකරැවා පිලිතුරැ දුනි.
පරික්ෂාවකින් පසුව බෝට්ටුකරැවා නිදහස් කරනු ලැබුනි.
මෙසේ මෙම බෝට්ටුකරැ යලි යලිත් අවුරැදු තුනක් තිස්සේ ඉන්දියාවේ සිට ඒනු නිළධාරියාට මුණ ගැසුනි. ඉන් පසු දක්නට නොලැබුණි.
අවුරැදු ගණනාවකට පසු කොළඹ තැබැරැමකදි නිළධාරියාට හදිස්සියේම බෝට්ටුකරැවා මුණ ගැසිනි.දෙදෙනා ඒක්ව අඩියක් ගැසුහ.
"යාළුවා, තමුසේ මොකක් හරි හොර බඩු ජාවරමක් කල බව මං දන්නවා..." නිළධාරියා කිය.
"හැබැට දැන්වත් කියනවාකෝ තමුසේ මොනවාද ඉන්දියාවෙන් ගෙනාවේ."
"බෝට්ටු!!" බෝට්ටුකරැවා කීය.

No comments:

Post a Comment

Comments system

Disqus Shortname