Tuesday, September 15, 2015

පෙන්ගුවිනයා සහ මිනිසා


පෙන්ගුවිනයෙකු ඉදිරි අසුනේ තබාගෙන රිය පදවන තරැණයෙකු දුටු පොලිස් නිලධාරියෙක් එම රිය නැවැත්විමට සංඥා කලේය.
"ඕකා හැබැ එ්කෙක්ද?" පොලිස් නිලධාරියා විමසිය.
"ඔව්....මේ මගදි මට හම්බවුනේ" තරැණයා කියා සිටියේය.
"එහෙනම් ඔහොම යන ගමන් ම උෟව සත්තු වත්තට අරන් ගියොත් හොදයි නේද?" පොලිස් නිලධාරියා අචාරශිලිව දන්වා සිටියේය.
"හොදයි රළහාමි" තරැණයා එකග විය.
එහෙත් පසුදා යලිත් එම පොලිස් නිළධාරියාට තරැණයාව මුණ ගැසුනේ පෙන්ගුවිනයා ද සමගය.
"මට මතක හැටියට ඊයේ මං මේ මහත්තයාට කිවා මේ පෙන්ගුවිනයාව සත්තු වත්තට එක්ක යන්න කියලා...එහෙම නේද?"
"අා..ඔව් ඔව් ඉතිං අපි ඊයේ සත්තු වත්තට ගියා.පෙන්ගුවිනයා හරියට සතුටු වුණා සත්තු බලලා.අද අපි මේ ක්‍රිකට් තරගයක් බලන්ඩ යන ගමන්"

No comments:

Post a Comment

Comments system

Disqus Shortname