හිනාමනා
හිනා වෙන්න ඕන නම් එන්නම වෙයි.....
Sunday, September 20, 2015
පිස්සු දොස්තරගේ තුන්ඩුව
රෝගියෙක් වෙෙද්‍ය විශේෂඥයෙකු හමුවට ගියේය."දොස්තර මහත්තයෝ මට අවුරැදු ගානක ඉදලා කොන්දේ කැක්කුමක් තියනවා.කොච්චර බෙත් බිවත් සනිපයක් නැ.."ඔහු කියා සිටියේය."අන්තිමට හමුවුනේ කොයි දොස්තරවද?"වෙෙද්‍ය විශේෂඥයා විමසා සිටියේය."නුගේගොඩ විජේසේකර මහත්තයා නොවැ"රෝගියා කිය."මිනිහා පිස්සෙක්නේ,කවුද මිනිහට ලෙඩ පෙන්නන්නේ.හපොය බලලා මොනවද මිනිහා ලියලා දුන්නේ,කෝ තුන්ඩුව තියනවද" "තියනවා දොස්තර මහත්තයෝ,එ් දොස්තර මහත්තයා මාව බලලා ඔය මහත්තයාව හම්බවෙන්න කියලා තමයි ඇඩ්‍රස් එකයි නමයි ලියලා දුන්නේ"
අපිත් කොටි තමයි
විවාහ මංගල උත්සවයකට සහභාගි වු මීයා ප්‍රිතියෙන් උඩ පනින්නට වුයේය.එවිට තවත් අමුත්තෙක් මෙතරම් ප්‍රිතියෙන් මන්දැයි මීයාගෙන් විමසා සිටියේය."මගේ සහෝදරයාගේ මංගල්‍යය මට ප්‍රිතියක් නොවේ දැයි"මීයා පෙරලා විමසිය."සහෝදරයා??"අමුත්තා එවර අැසුවේ විමතියෙනි."කොටියා මගේ සහෝදරයෙක්"මීයා කිය."එ් කොහොමද එයා කොටියෙක් තමුසේ මීයෙක්"අමුත්තා තවත් පුදුමයෙන් අැසිය.මීයා සාවඥ සිනාවක් ද මුවගට නංවාගෙන මෙසේ කිවේය."අපි ඔක්කොම බදින්න කලින් කොටි තමයි."
Tuesday, September 15, 2015
ලොව ලස්සනම වචන තුන
"අානේ...ඊයේ රැවන් 'මං ඔයාට අාදරේයි කියලා කිවාද?" මිතුරිය උද්යෝගයෙන් විමසුවාය.
"නෑ....එයා 'ඔයාගේ සල්ලි තියාගන්න කිවා"
Subscribe to:
Posts (Atom)